ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව දඟ පන්දු පුහුණුකරු ලෙස ඕස්ට්‍රේලියානු පළමු පෙළ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ක්‍රෙග් හෝවර්ඩ් පත් කර තිබෙනවා.

ක්‍රෙග් හෝවාඩ් වික්ටෝරියානු ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරනු ලැබූ ක්‍රීඩකයෙක්.

මින් පෙර මෙම තනතුරේ කටයුතු කරනු ලැබුවේ පියල් විජේතුංග මහතායි.

1993-1996 කාල සීමාවේදී ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතව සිටි හෝවාඩ් ක්‍රීඩා කර ඇත්තේ තරග 16ක් වීමද විශේෂත්වයක්.

ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙසින් හෝවාඩ් පත් වීම ලබාගැනීමට පෙර නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙසින් කටයුතු කර ඇති බවට වාර්තා වනවා.

මේ අතර ක්‍රෙග් හෝවඩ් මේ වනවිටත් ශ්‍රී ලංකාවට පැමිණි ඇති බවටයි වාර්තා වන්නේ.

මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුනුකරු ලෙස හොවාර්ඩ් කටයුතු කිරීමට නියමිත බවද වාර්තා වනවා.

WhatsApp Group

Skip to content