ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිඩකයින් ඊයේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට එක්ව තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායෙම් නායක දසුන් ශානක ඇතුළු ක්‍රිඩකයින් , පුහුණුකරුවන් මෙන්ම කණ්ඩායම් කළමාණාකාරිත්වය ඊට එක්ව සිටියා.

ඔවුන් රෝහලේ හෘද රෝග වාට්ටුවේ සිටි දරුවන්ගේ සුවදුක් විමසීමට ද එක්වුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් රිජ්වේ ආර්යා ළමා රෝහලේ ලිටිල් හාට්ස් ව්‍යාපෘතිය සදහා රුපියල් මිලියන 100ක් ද පරිත්‍යාග කර තිබෙනවා.

මේ ඒ සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දැක්වු රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසුරිය මහතා.

https://www.vnews.lk/storage/2023/08/WIJESURIYA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content