ඇෆ්ගනිස්ථානයට එරෙහි දෙවන එක්දින තරගය ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉතා වැදගත් වී තිබෙනවා.

පළමු තරගයේ ජය ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හිමිකර ගැනීමත් සමග තරගාවලියේ රැදී සිටීමට නම් ශ්‍රී ලංකාව හෙට තරගය ජයග්‍රහණය කළ යුතුයි.

දෙරට අතර පැවැත්වෙන දෙවන එක්දින තරගය හෙට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

එක්දින තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් වෙන්කර ගැනීමට ක්‍රීඩා ලෝලින්ට අවස්ථාව ලබා දී තිබෙනවා.

එමෙන්ම කොළඹ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන කාර්යලයෙන් ද හෙට තරගයේ ප්‍රවේශ පත්‍ර ලබා ගතහැකිවනවා.

WhatsApp Group

Skip to content