ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු පාලක කමිටුවක් පත් කර තිබෙනවා.

1973 අංක 25 දරණ ක්‍රීඩා පනතට අනුව ක්‍රීඩා අමාත්‍යවරයාට පැවරී ඇති බලතල අනුව මෙලෙස අතුරු පාලක කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කර තිබෙනවා.

හත් දෙනෙකුගේ යුත් මෙම කමිටුවේ සභාපතීත්වය අර්ජුන රණතුංග මහතා දරනු ලබනවා.

සෙසු සාමාජිකයන් වන්නේ විශ්‍රාලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්.අයි. ඉමාම්, රෝහිණී මාරසිංහ, අයිරාංගනී පෙරේරා යන මහත්ම මහත්මීන් සහ උපාලි ධර්මදාස, නීතිඥ රඛිත රාජපක්ෂ සහ හිෂාම් ජමාල්ඩීන් යන හය දෙනායි.

ඒ් අනුව මෙම නව අතුරු කමිටුව පත් කිරීමත් සමගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වාගේ සභාපතීත්වයෙන් යුත් පාලක මණ්ඩලයේ කටයුතු අත්හිටවනු ලැබෙනවා.

WhatsApp Group

Skip to content