සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි

ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේ දී ඊයේ ආරම්භ වු තරගයේ පළමු දිනයේ වැඩි ගෞරව එංගලන්තයට හිමිකර ගත්තා.

ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදෙමින් සිටි එංගලන්තය අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් නියමිත කාලයට පෙර දිනය නිමා කරන විට කඩුලු 3 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 221 ක්.

එංගලන්තය වෙනුවෙන් නායක ඔලී පෝප් සිය 7 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළා.

අයහපත් අලෝක තත්ත්වය හා වර්ෂාව හේතුවෙන් ඊයේ දිනයේ දී ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ පන්දුවාර 44.1 ක් පමණයි.

WhatsApp Group

Skip to content