එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ 41 වැනි තරඟයෙන් නවසීලන්ත කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුළු 05 පරාජයක් අත්විඳීමට ඊයේ සිදු වුණා.

මෙම තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 46යි පන්දු 4ක් අවසානයේ සියල්ලන් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 171ක්.

මෙහිදී කුසල් ජනිත් පෙරේරා ලකුණු 58ක් සහ මහීෂ් තීක්ෂණ නොදැවී ලකුණු 48ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ටේ‍රන්ට් බෝල්ට් ලකුණු 37 කට කඩුලු 3 ක් දවා ගත් අතර, ලොකී ෆර්ගසන්, මිචෙල් සැන්ට්නර් හා රචින් රවීන්ද්‍ර කඩුලු 2 බැගින් දවා ගත්තා.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 23යි පන්දු 2ක් අවසානයේ කඩුළු 5ක් දැවී ලකුණු 172ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කළා.

එහිදී ඩෙවෝන් කොන්වේ ලකුණු 45ක්, ඩැරල් මිචෙල් ලකුණු 43ක් සහ රචින් රවීන්ද්‍ර ලකුණු 42ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 29ට කඩුළු 2ක් බිඳ හෙළුවා.

WhatsApp Group

Skip to content