1963 ඔක්තෝම්බර් මාසයේ දී ආරම්භ කරන ලද ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය – Sri Lanka Pharmaceutical Manufacturers’ Association) සිය 61 වන සංවත්සරය සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (25) කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටලයේදී පැවැත්විණි.

1963 ඔක්තෝම්බර් මාසයේදී ආරම්භ කරන ලද ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) මේ වනවිට බටහිර ඖෂධ නිෂ්පාදන කර්මාන්තයේ ඉහළම ප්‍රමිතින් පවත්වාගෙන යන 100% දේශීය පුද්ගලික ඖෂධ නිෂ්පාදකයින් 23 දෙනෙකුගෙන් සමන්විත වේ. ඔවුන් විවිධ ඖෂධ වර්ග 200 කට වඩා නිෂ්පාදනය කරන අතර, දේශීය ඖෂධ වෙළඳපලින් 20% ක ප්‍රමාණයක් හිමි කර ගෙන සිටී. රජයේ රෝහල්වල සහ සායනවල භාවිතා කරන අත්‍යාවශ්‍ය ඖෂධවලින් ආසන්න වශයෙන් 25% ක් සපයනු ලබන්නේ එම දේශීය නිෂ්පාදකයින් විසිනි.

මෙහිදී ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමයේ ඉදිරි වසර 02 ක කාලය සදහා නව නිලධාරි මණ්ඩලය තෝරාපත් කර ගත් අතර, නව සභාපති ලෙස නලීන් කන්නන්ගර මහතා මෙහිදී තේරී පත් විය. උප සභාපති ලෙස විරාඡ් මානතුංග මහතා සහ ඡ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස දිනේෂ් අතපත්තු මහතා තේරී පත් විය.

WhatsApp Group

Skip to content