ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය ශක්තිමත් කිරීමට සහ ණය තිරසර භාවය යථා තත්ත්වයට පත් කිරීමට චීනය සහය ලබා දෙන බව චීන ජනාධිපති ෂි ජිං පිං ප්‍රකාශ කර තිබෙනවා.

චීනයේ සංචාරයක නිරත වන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග බෙයිජිං නුවර පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවකදියි මේ බව සදහන් කර ඇත්තේ.

ඒ අනුව මෙම කටයුතු සිදුකිරීම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ධනාත්මක මැදිහත්වීම් ඉදිරියටත් සිදුකරන බව චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content