ශ්රී ලංකාව හා එක්සත් ජනපදය අතර පස්වැනි හවුල්කාරිත්ව සංවාදය පසුගියදා (12) වොෂින්ටන් ඩී.සී. නුවර දී පැවැත්විණ.
විදේශ කටයුතු අමාත්යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය විසින් ශ්රී ලංකා දූත පිරිසේ නායකත්වය දරන ලද අතර එක්සත් ජනපද පාර්ශ්වය එරට රාජ්ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ වැඩබලන උප ලේකම් ජෝන් බාස් මහතා විසින් මෙහෙයවනු ලැබිණි.
ශ්රී ලංකා දූත පිරිසට එක්සත් ජනපදයේ ශ්රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා මෙන්ම වොෂින්ටන් ඩී.සී නුවර ශ්රී ලංකා තානාපති කාර්යාලයේ, සහ විදේශ කටයුතු අමාත්යාංශයේ ජ්යෙෂ්ඨ නිලධාරීහු ද ඇතුළත් වූහ.
එක්සත් ජනපද රාජ්ය දෙපාර්තමේන්තුව, එක්සත් ජනපද භාණ්ඩාගාරය, එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව, ජාත්යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය සහ ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක කවුන්සිලය නියෝජනය කරන ජ්යෙෂ්ඨ නියෝජිතයෝ පිරිසක් එක්සත් ජනපද නියෝජිත පිරිසට ඇතුළත් වූහ.

WhatsApp Group

Skip to content