ශ්රී ලංකාවේ රාජ්ය තාක්ෂණ අමාත්ය කනක හේරත් මහතා සහ ස්වීඩනයේ දූත පිරිසක් අතර හමුවක් පසුගියදා (05) ශ්රී ලංකා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. මේ සඳහා, ස්වීඩනයේ තානාපති Mr. H.E. Jan Thesleff, වෙළෙඳ හා ආයෝජන කොමසාරිස් Ms. Cecilia Oskarsson, කොළඹ ස්වීඩන් ගෞරවනීය කොන්සල් ජනරාල් Mr. Sanjay Kulatunga, ආර්ථික සහ වාණිජ උපදේශක (වෙළඳ සහ සංස්කෘතික කටයුතු) Mr. Markus Lundgren ඇතුළු පිරිසක් සහභාගි විය.
දෙරට අතර තාක්ෂණික හුවමාරුව පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ අතර, මෙම සහයෝගීතා වැඩසටහන අඛණ්ඩව පවත්වාගෙන යාමට රාජ්ය අමාත්ය හේරත් මහතා එකඟ විය. එමෙන්ම, ඉදිරියේදී පැවැත්වීමට නියමිත ශ්රී ලංකාවේ ගතික ඩිජිටල් ආයෝජන පරිසර පද්ධතිය ප්රදර්ශනය කිරීම අරමුණු කරගත් DigiEcon ගෝලීය ආයෝජන සමුළුව පිළිබඳව ද නියෝජිත පිරිසට හඳුන්වා දුන්නේය . වැඩිදියුණු කළ තාක්ෂණික හා ආර්ථික සබඳතා සඳහා වැදගත් පියවරක් සනිටුහන් කරමින් DigiEcon ගෝලීය ආයෝජන සමුළුවට සහයෝගය දැක්වීමට ස්වීඩන නිලධාරීන් මෙහිදී එකඟ විය.
මෙම හවුල්කාරිත්වය හරහා ශ්රී ලංකාවේ ඩිජිටල් අංශය නංවාලීමට සහ නව්ය සහ තිරසාර සංවර්ධනයකට මග පෑදෙමින් ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ.

WhatsApp Group

Skip to content