ශ්‍රී ලංකාව සහ රුසියාව අතර සබඳතා ශක්තිමත් කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.
අග්‍රාමාත්‍යවරයා සඳහන් කලේ වෙළෙඳ ,ආර්ථික, විද්‍යාත්මක හා තාක්ෂණික සහයෝගීතාව සම්බන්ධයෙන් එම සම්බන්දතා ශක්තිමත් කිරීමට කටයුතු කරන බවයි.
ශ්‍රී ලංකාවේ රුසියා තානාපති ලෙවන් එස් ෂගාරියන් මහතා හමුවූ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලා..

අරලියගහ මන්දිරයේදී පැවතී මෙම හමුවේදී රුසියාවේ යුද කටයුතු සඳහා මෙරට විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයින් යැවීමේ ගැටලුව ඇතුළු ක්ෂේත්‍ර කීපයක් සම්බන්ධයෙන් ද සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

WhatsApp Group

Skip to content