එක්දින ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන තවත් තරගයක් අද පැවැත්වෙනවා.
ස්කොට්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන මෙම තරගය අද පස්වරු 12.30ට ආරම්භ වීමට නියමිතයි.
මේ අතර ඊයේ පැවති තරග දෙකෙන් ජය වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩාම සහ නෙදර්ලන්ත කණ්ඩායම සමත් වුණා.
ඒ ඇමරිකානු කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජයට පත් කරමින්.
එහිදී පළමු තරගයේදී ඇමරිකාණු කණ්ඩායම පරදා ලකුණු 304ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා.
එම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 06ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 408ක්.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇමරිකානු කණ්ඩායමට පන්දුවාර 25යි එක් පන්දුවක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 104ක් පමණයි.
මෙම ජයග්‍රහණය වාර්තා අතරය එක්වූයේ එක්දින ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් ලැබූ දෙවැනි ඉහළම ලකුණු පරතරය සමග ජයගත් තරගය ලෙසයි.

 

මේ අතර ඊයේ පැවති දෙවැනි තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරදා නෙදර්ලන්ත කණ්ඩායම සුපිරි පන්දුවාරයේදී ජය වාර්තා කිරීමට සමත් වුණා.
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම නිමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 06ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 374ක්.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවා 50 අවසානයේ කඩුළු 09ක් දැවී ලකුණු 374ක් රැස් කළා.
ඒ අනුව තරගයේ ජය තීරණය කිරීම සදහ කණ්ඩායම් දෙකට සුපිරි පන්දුවාරය බැගින් ලබා දෙනු ලැබුවා.
එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායම සුපිරි පන්දුවාරයේදී කිසිවෙකු නොදැවී ලකුණු 30ක් ලබා ගැනීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන්ට පන්දු 5ක් අවසානයේ කඩුළු දෙකම දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 08ක් පමණයි.

 

WhatsApp Group

Skip to content