ඇමරිකානු එක්සත් ජනපද භාණ්ඩාගාරයේ ආසියා කලාපය භාර නියෝජ්ය සහකාර ලේකම් රොබට් කප්රෝත් මහතා සහ අමෙ­රි­කානු තානා­පති ජූලි චැංග් මහ­ත්මිය මුදල් අමාත්යාංශයේ දී මුදල් රාජය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා හමුවිය.
ශ්රී ලංකාවේ ණය අර්බුදයට විසඳුමක් සෙවීම සඳහා සහ ශ්රී ලංකාව ආර්ථික වශයෙන් යථා තත්ත්වයට පත් කිරීමේ වැදගත් පියවරක් වන ද්විපාර්ශ්වික ණය ප්රතිව්යුහගත කිරීම අවසන් කිරීමට ලබාදුන් සහයෝගය වෙනුවෙන් එක්සත් ජනපදයේ රජයට සහ ජනතාවට, රජය සහ ජනතාව වෙනුවෙන් රාජ්ය අමාත්යවරයා කෘතඥතාව පළ කර තිබේ.
ඇමරිකා එක්සත් ජනපදයේ අඛණ්ඩ සහයෝගය තවදුරටත් වැදගත් වන අතර එය දෙරට අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතාවයක් වේ.
මෙම හවුල්කාරිත්වය, බහුවිධ අංශ හරහා විහිදෙන අතර එය රටවල් දෙකටම ප්රතිලාභ ලබාදෙමින් ස්ථාවරත්වය සහ අන්යෝන්ය අවබෝධය ශක්තිමත් කිරීම අරමුණු කර ගන්නා බව මෙහි දී ප්රකාශ වී තිබේ.

WhatsApp Group

Skip to content