ආර්ථික වර්ධනය උදාකර ගැනීම සදහා ශ්‍රී ලංකාව ලෝකයට විවෘත කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඊට අදාළ නීති ප්‍රතිසංස්කරණ කඩිනමින් ගෙන එන බවයි ජනාපධිතිවරයා සදහන් කළේ.

කොළඹ පැවති ඉන්දීය ව්‍යාපාරික හමුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළා.

දැඩි තරගකාරී ආර්ථික රටාවකට ශ්‍රී ලංකාව නතු කිරීම තම අපේක්ෂාව බව පැවසු ජනාධිපතිවරයා කියා සිටියේ හරිත හා ඩිජිටල් ආර්ථියක් තුළින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගිය හැකි බවයි.

ශ්‍රී ලංකාව ආර්ථික සමෘද්ධිය කරා යන ගමනේදී ඉන්දියාව සමග සමීප සබදතා පැවැත්වීමට අපේක්ෂා කරන බවයි ජනාපධිති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළේ.

 

WhatsApp Group

Skip to content