ශ්‍රී ලංකාව ලොවට රැගෙන යමින්, විදේශ විනිමය ඉපැයිය හැකි නව මාවතක් විවර කරන වෘත්තීය ඡායාරූප ශිල්පීන්ගේ සේවය අගය කළ යුතු බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා .

19 වන ලෝක ඡායාරූප ශිල්පි දිනය වෙනුවෙන් සංවිධාන කෙරුණු විශේෂ ඡායාරූප ප්‍රදර්ශනයක්‌ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් කුළුණ පරිශ්‍රයේදී ඊයේ ආරම්භ වුණා .

ජාතික ඡායාරූප ශිල්පීන්ගේ සංගමය මගින් සංවිධානය කළ මෙම ප්‍රදර්ශනයේදී ලොව ප්‍රකට ඡායාරූප ශිල්පියකු වන නික් වුට් ගේ වියට්නාම් යුද්ධය හා සබැඳි සුවිශේෂී ජයාරූප එකතුවක් ප්‍රදර්ශනය සඳහා එක් කර තිබුණා.

ඡායාරූප ප්‍රදර්ශනයට සමගාමීව ප්‍රවීණ ඡායාරූප ශිල්පී නික් වුට් මහතා වෙත සමරු තිළිණයක් පිළිගැන්වීමද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් එම අවස්ථාවේදී සිදු වුණා .

WhatsApp Group

Skip to content