ශ්‍රී ලංකාව විසින් ලබාගත් විනිමය හුවමාරු පහසුකමට අදාළ තවත් වාරිකයක් ගෙවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ශ්‍රී ලංකාව බංගලාදේශයෙන් ලබාගත් ඩොලර් මිලියන 200ක විනිමය හුවමාරු පහසුකමට අදාළ දෙවන වාරිකය වශයෙන් ඩොලර් මිලියන 100 ක් එලෙස ගෙවා ඇති බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

පසුගිය මාසයේදී මෙම විනිමය හුවමාරු ණය පහසුකමෙහි පළමු වාරිකය ලෙස ඩොලර් මිලියන 50ක් ශ්‍රී ලංකාව විසින් ගෙවීමට කටයුතු කර තිබුණා .

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Bangladesh Bank හි විධායක අධ්‍යක්ෂවරයා  පවසා ඇත්තේ ඉතිරි ඩොලර් මිලියන 50ක මුදල මෙම වසර තුළ ගෙවීමට ඇති බවය.

WhatsApp Group

Skip to content