බංග්ලාදේශයෙන් ලබාදුන් ඩොලර් මිලියන 200 ක ණය මුදලින් කොටසක් ගෙවාදැමීමට ශ්‍රී ලංකාව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ඩොලර් මිලියන 50 ක මුදලක් මෙලෙස ගෙවා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම වාරිකය එරට මහ බැංකුව වෙත පසුගිය 17 වනදා ලබා දීමටයි කටයුතු කර ඇත්තේ .

2021 වසරේදී බංග්ලාදේශය විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක ණය මුදලක් ලබා දෙනු ලැබුවා.

කෙසේ වෙතත් ඔවුන් මෙම මාසය තුළ එම මුදලෙහි ගෙවීමට ඇති දෙවන වාරිකයද බලාපොරොත්තු වන බව බංග්ලාදේශ මහ බැංකුවේ ප්‍රකාශකයෙකු සඳහන් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content