ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තම පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වූවා.

මෙතෙක් පැවැති තරග තුනෙන් පරාජයට පත්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායම සිව්වන තරගය පැවැත්වුනේ නෙදර්ලන්ත කණ්ඩායම සමගින්.

එම තරගයෙන් කඩුලු 5ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් නෙදර්ලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දුන් අතර එහිදී ඔවුන් සියලුම දෙනා ලකුණු 262කට දවා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඊට පිළිතුරු ලෙස ලකුණු 263ක් හඹා යාමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48.2කදී කඩුලු 5ක් දැවී ජයග්‍රහණය අත් කර ගත්තා.

එහිදී නොදැවී පන්දුවට පහර දුන් සධීර සමරවික්‍රම ලකුණු 91ක් ලබාගත්තා.

පැතුම් නිශ්ශංක ලකුණු 54ක්ද චරිත් අසලංක ලකුණු 44ක්ද ධනංජය ද සිල්වා ලකුණු 30ක්ද ලබාගත්තා.

පන්දු යැවීමේදී නෙදර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් Aryan Dutt කඩුලු තුනක් දවා ගැනීමට සමත් වූ අතර Paul van Meekeren සහ Colin Ackermann එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූවා.

තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගිවන මීළඟ තරගය ලබන 26 වනදා පැවැත්වීමට නියමිතයි.

WhatsApp Group

Skip to content