ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සදහා මෙරටට පැමිණ සිටි ඊශ්‍රායල ජාතිකයන් 22 දෙනෙකු 10/24 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබේ .
ශ්‍රී ලංකාවේ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි ආරුගම්බෙ ප්‍රදේශයට එල්ල වීමට සැළසුම් කර තිබූ ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය මෙන්ම ඊශ්‍රායල රජය විසින් ද ශ්‍රී ලංකාව තුළ තවදුරටත් රැදී සිටීම අවදානම් බව ප්‍රකාශ වීමත් සමග , මෙම ඊශ්‍රායල ජාතිකයන් පිරිස ආරක්ෂිතව කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් , ඔවුන් පිටත් කර හැරීම සදහා පියවර ගෙන තිබුණි .
මෙම ඊශ්‍රායල ජාතිකයන් පිරිස 10/24 දින අලුයම 03.03 ට ඩුබායි බලා ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 570 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබුණි.
කටුනායක ගුවන් තොටුපොළ සිට නියමිත කාළසටහනකට අනුව ඊශ්‍රායලය වෙත ගමන් කරන ගුවන් යානා නොමැති නිසා , මෙම ඊශ්‍රායල ජාතිකයන් පිරිස ඩුබායි වෙත ගොස් , එතැන් සිට ඊශ්‍රායලයේ ටෙල්අවිව් හෝ ජෙරුසෙලම ගුවන් තොටුපොළ පිටත්ව යාමට නියමිතය .

WhatsApp Group

Skip to content