ඉන්දියාවට සහ පැරිස් සමාජයේ රටවල් සදහා ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය සදහා වසර 6 ක සහන කාලයක් ලැබීමට ඉඩ ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

මේ අනුව ණය නැවත ගෙවීම ආරම්භ කළ පසු පොලී අනුපාතය ද අඩු කිරීමට අපේක්ෂා කරන බවයි එහිදි පෙන්වා දී ඇත්තේ.

ශ්‍රී ලංකාවේ අයි එම් එෆ් ජේ්‍යෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර්, ඉන්දියාවේ “ද හින්දු” පුවත් පතට පවසා ඇත්තේ ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීම සදහා ක්‍රියාත්මක කර ඇති සැලසුම් සම්බන්ධයෙන් වූ සාකච්ඡා වඩාත් සාර්ථකව ඉදිරියට යන බවයි.

එමෙන්ම එම සාකච්ඡා අවසන් අදියරේ පවතින බවත් කොන්දේසි සම්බන්ධයෙන් වූ මූලික එකඟතාවයකට ඉක්මනින් එළඹෙන බවත් ඔහු එහිදි සදහන් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content