ශ්‍රී ලංකාවට මාස 48 ක විස්තීර්ණ ණය පහසුකම සැපයීම පිළිබඳ විධිවිධාන සම්බන්ධ පළමු සමාලෝචනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  විධායක කමිටුව අද රැස්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව ආර්ථික බංකොලොත්භාවයට පත්වීමෙන් පසුව පැවති සාකච්ඡාවලින් අනතුරුව සිදුකරගත් එකඟතාවයන්ට අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය ආධාරයක් ලබාදීමට තීරණය කෙරුණා.

එහි පළමු වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 330 ක ණය ආධාරය මීට පෙර හිමිව තිබූ අතර අද රැස්වන විධායක කමිටුව විසින් අමෙරිකානු ඩොලර් මිලියන 330 ක දෙවන ණය වාරිකය මුදා හැරීම පිළිබඳ තීරණයකට එළඹීමට නියමිතයි.

WhatsApp Group

Skip to content