ජපන් රජයේ ණය ආධාර මත මෙරට ක්‍රියාත්මක වන ව්‍යාපෘති කඩිනමින් යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජපාන විදේශ කටයුතු අමාත්‍යවරිය වන යෝකෝ කමිකාවා මහත්මිය අද විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

එහිදී ඇය පෙන්වා දුන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුම අත්සන් කළ පසු සහ ද්විපාර්ශ්වික ගිවිසුම කඩිනමින් අවසන් කිරීමේ අභිප්‍රාය ශ්‍රී ලංකා රජය තහවුරු කළ පසු එලෙස අදාළ ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කළ හැකි බවයි .

ඒ ඔස්සේ ශ්‍රී ලංකාවේ සංවර්ධනයට සහාය දීමට ජපානය සූදානම් බවද ඇය තවදුරටත් පෙන්වා දී තිබෙනවා .

WhatsApp Group

Skip to content