ශ්‍රී ලංකාවේ වෙසෙන තෙළිඟු ජනතාවගේ ජීවනෝපාය ප්‍රශ්ණ සම්බන්ධයෙන් කඩිනම් විසඳුම් ලබාදීමට බුද්ධ ශාසන ,ආගමික හා සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා තීරණය කර තිබෙනවා .

ඔවුන් තම ජීවනෝපාය සලසා ගනු ලබන්නේ නාගයින් භාවිතා කරමින් සිදු කරන රඟදැක්වීම් වැනි හැකියාවන් දෙස් විදෙස් සංචාරකයන් වෙත ප්‍රදර්ශණය කරමින් .

කෙසේ වෙතත් කොවිඩ් වසංගත තත්වයත් සමග එම කටයුතු තාවකාලිකව නතර කිරීමට ඔවුන්ට සිදු වුණා .

සමස්ථ ලංකා තෙළිඟු ජන සංගමයේ සාමාජික පිරිස සහ අමාත්‍යවරයා අතර කොළඹ පැවති සාකච්චාවකින් අනතුරුවයි මෙම තීරණය ගනු ලැබුවේ .

WhatsApp Group

Skip to content