2024 අප්රේල් මස අවසන් වන විට ශ්රී ලංකාවේ රාජ්ය ණය තොගය 2.76% (රුපියල් බිලියන 803.2) කින් අඩු වූ අතර, 2023 දෙසැම්බර් 31 දින රුපියල් බිලියන 29,150.4 සිට 2024 අප්රේල් 30 වන දින රුපියල් බිලියන 28,347.2 දක්වා අඩු වූ බව මුදල් රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා පෙන්වා දෙයි.
මුළු විදේශ ණය තොගය රුපියල් බිලියන 12,076.7 සිට රුපියල් බිලියන 10,963.3 දක්වා 9.2%ක (රුපියල් බිලියන 1,113.4) අඩු විය.
මුළු දේශීය ණය තොගය රුපියල් බිලියන 17,073.7 සිට රුපියල් බිලියන 17,383.9 දක්වා 1.8% (රුපියල් බිලියන 310.2) කින් සුළු වැඩිවීමක් පෙන්නුම් කළේය.
මෙම දේශීය ණය වැඩිවීම මහ බැංකු මූල්යකරණයෙන් තොරව අයවැය කළමනාකරණය කිරීමට ශ්රී ලංකාව උත්සාහයේ ප්රතිඵලයක් වන අතර විනිමය අනුපාතිකය ශක්තිමත් වීම විදේශ ණය තොග අඩුවීමට හේතුවක් වී තිබෙන බව රාජ්ය අමාත්යවරයා පෙන්වා දෙයි.

WhatsApp Group

Skip to content