ශ්‍රී ලංකාවේ මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් තමන්ට ගැටලුවක් නොමැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

එහි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දූත කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ප්‍රධානී පීටර් බෘෘවර් මහතා සඳහන් කරන්නේ ඕනෑම රටක ප්‍රජාතන්ත්‍රවාදයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගරු කරන බවයි..

ශ්‍රී ලංකාවේ මැතිවරණයක් පැවැත්වෙන්නේ නම් IMF වැඩසටහනේ කාලය කෙරෙහි එය බලපාන බවත් අදාළ බලධාරීන් සමග සාකච්ඡා කර නැවත කාලරාමුවක් සකස් කරගැනීම සිදුවෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකාව සඳහා වූ විස්තීර්ණ ණය පහසුකමේ දෙවැනි ඇගයීම සහ ‘ආටිකල් iv’ උපදේශනයට අදාළව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව පිළිබඳ නියෝජිත කණ්ඩායම අද පැවැත්වූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු මේ බව සඳහන් කලා.

WhatsApp Group

Skip to content