ශ්‍රී ලංකාවේ පවුල් ඒකකවලින් 58%ක් ණයට ආහාර ගන්නා බවට ලෝක ආහාර වැඩසටහන හෙළි කර තිබේනවා .

ආහාර අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආහාර ගැටලුවක් නිර්මාණය වෙමින් ඇති බවයි එම වැඩසටහන පවසන්නේ.

ලෝක ආහාර වැඩසටහන සදහන් කරන්නේ , සැලකිය යුතු පවුල් ප්‍රමාණයක් තමන්ගේ ආහාර වේල් පාලනයට යොමු වී ඇති බවයි.

එම වැඩසටහන දෙසැම්බර් මාසයේ සිදු කළ අධ්‍යනයට අනුව හෙළිව ඇත්තේ මෙරට පවුල් ඒකකවලින් 33% ක් ආහාර අනාරක්ෂිත බවයි.

2019 දී රටේ ආහාර අනාරක්ෂිත මට්ටම 9.1%ක් වූ අතර පසුගිය මාස 4 තුළ දත්ත අනුව ආහාර සුරක්ෂිතතා මට්ටම් 30% ඉක්මවා තිබේනවා .

WhatsApp Group

Skip to content