ශ්රී ලංකාවේ දෙවන රබර් පර්යේෂණ ආයතනය ‌මොණරාගල කුඹුක්කන දී පසුගිය සෙනසුරාදා (28) විවෘත විය.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතාගේ ප්රධානත්වයෙන් මෙම රබර් පර්යේෂණායතනය විවෘත කරනු ලැබූ අතර ඒ සදහා රජය විසින් වැය කරන ලද මුදල රුපියල් මිලියන 11කි.
ශ්රී ලංකා රබර් පර්යේෂණ ආයතනය විසින් මෙම කටයුතු සංවිධාන කර තිබු අතර එම ආයතනයේ නව සභාපති සරත් චන්ද්රසිරි විතාන මහතා ඇතුළු පිරිසක් ඊට සහභාගි වූහ.
මේ වනවිට මොනරාගල දිස්ත්රික්කයේ හෙක්ටයාර් 16,000ක රබර් වගා කර තිබේ. මෙම ප්රමාණය හෙක්ටයාර් 50,000 දක්වා ව්යාප්ත කිරීමට ශ්රී ලංකා රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව සැළසුම් කර ඇත.
දැනට කුඩා පරිමාණ ගොවීන් 1000ක් පමණ මොණරාගල රබර් වගාවේ නිරත වන අතර එම ප්රමාණය දෙගුණයකින් ඉහළ නැංවීමට සැලසුම් කර තිබේ.

WhatsApp Group

Skip to content