”ශ්‍රී ලංකාවේ තේ, ලෝකයේ හොඳම තේ ”යන විශ්වාසය තවමත් ලෝක ප්‍රජාව තුළ තිබෙන බවත් මෙම කීර්ති නාමය අඛණ්ඩව ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතු බවත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ දැනට තේ වෙළඳ පළෙහි මිල අධික තේ විශේෂයක් ලෙස සැලකෙන Silver tips තේ නිෂ්පාදනය කිරිම සඳහා යොදා ගැනෙන 20/43 නැමැති තේ ප්‍රභේදය දකුණු පළාතේ වගාව ආරම්භ කළ පවුල් 300ක ගෘහණියන් අතර තේ පැළ බෙදාදීමේ වැඩසටහනට එක් වෙමිනි.

WhatsApp Group

Skip to content