සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය සම්බන්ධයෙන් වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවේදී ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව සමාලෝචනයක් හෙට සහ අනිද්දා දිනවලදී සිදු කිරීමට නියමිතව තිබෙනවා .

විදේශ අමාත්‍යාංශය පැවසුවේ එහිදී මානව හිමිකම් උල්ලංඝණය කිරීම්, ත්‍රස්ත විරෝධී ක්‍රියාමාර්ග, අධිකරණයේ ස්වාධීනත්වය ආදිය පිළිබඳ සාකච්ඡාවට ලක්වන බවයි .

අදාළ සාකච්ඡාව සඳහා මෙරට නියෝජනය කරමින් ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිමාලි අරුණාතිලක මහත්මිය සහභාගී වීමට නියමිතයි .

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ 52 වන නිත්‍ය සැසිවාරය මේ වන විට ජිනීවා හිදී පැවැත්වෙනවා .

WhatsApp Group

Skip to content