ශ්‍රී ලංකාව ඇතුළු ණය අර්බුදයෙන් පෙළෙන රටවලට සහන සැලසීමට ජී 20 රටවල් තීරණය කර තිබෙනවා.

ණය අර්බුදයෙන් පීඩා විදින රටවලට සහන ලබා දියහැකි ක්ෂේත්‍ර පිළිබදව ජී 20 සමුළුවේ ඊයේ පැවති සැසියේදී සාකච්ඡාවට ලක්ව තිබුණා.

මේ අතර විදේශීය ණයබර හේතුවෙන් ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අවපාතයකට ලක්වෙමින් සිටින බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ණය නිරාකරණය සදහා පොදු රාමුවක් සැකසීම අත්‍යවශ්‍ය කරුණක් බවයි ජාත්‍යන්තර මුල්‍ය අරමුල පෙන්වා දෙන්නේ.

ඒ සදහා කාලානුරූප සහ විධිමත් ක්‍රියාවලියක් අවශ්‍ය බවයි නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සදහන් කළේ.

ජී 20 සමුළුවේ පැවති මහබැංකු අධිපතිවරුන්ගේ සහ මුදල් අමාත්‍යවරුන්ගේ රැස්වීම අවසන් වීමෙන් පසුවයි ඔවුන් මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ.

ණය නිරාකරණයේ වේගය සහ වැඩි දියුණු කිරීමට ශ්‍රී ලංකාව සිදුකරන උත්සාහය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අධ්‍යක්ෂිකාව ද අනුමත කර තිබෙනවා.

මේ අතර ද්විපාර්ශවික ණය හිමියන් සමග සකච්ඡා කර ණය ප්‍රතිවෘ්යුහගත කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුලේ ණය සහන පිළිබද අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

https://www.vnews.lk/storage/2023/02/SHEHAN-SEMASINHA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content