මෙරට ජනගහනය ඉදිරියේදී සැලකිය යුතු ලෙස පහළ යා හැකි බවට කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රජා විද්‍යාව පිළිබද මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා මහතා පවසනවා.

ඒ සදහා කරුණු කිහිපයක් බලපා ඇති බවටයි මහචාර්යවරයා අවධාරණය කර සිටියේ.

මෙරට උපත් අනුපාතය සියයට 25 කින් අඩු වීම ද මීට ප්‍රධාන කාරණයක් වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රජා විද්‍යා පිළිබද මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා මහතා කියා සිටියා.

තරුණ ප්‍රජාව විදෙස්ගත වීම ඇතු`ඵ කරුණු කිහිපයක් හේතුවෙන් ඉදිරියේදී මෙරට ජනසංඛ්‍යාව තවත් පහළ යා හැකි බවටයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

WhatsApp Group

Skip to content