ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නොවැම්බර් 10 වැනිදා ගත් තීරණය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ ඉන්දියාවේ අහමදාබාද්හිදී අද පැවැති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විධායක මණ්ඩල රැස්වීමේදීයි.

කෙසේ වෙතත් තහනම පැවැතියද ජාතික කණ්ඩායම සම්බන්ධ ක්‍රිකට් බාධාවකින් තොරව පවත්වාගෙන යාමට ඉඩ ලැබෙන බවටද එහිදී තීරණය කර ඇති බවයි විදෙස් ක්‍රීඩා වෙබ් අඩවි වාර්තා කරන්නේ.

මේ අතර ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් තවමත් තීරණයකට එළැඹිය නොහැකි බවද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එහිදී දන්වා ඇති බවයි විදෙස් ක්‍රීඩා වෙබ් අඩවි වැඩිදුරටත් පවසන්නේ.

මෙම රැස්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතාද සහභාගි වී ඇති බවයි විදෙස් පුවත් සේවා වාර්තා කරන්නේ.

 

WhatsApp Group

Skip to content