යහපත් අනාගතයක් ගොඩනැගීම සඳහා සහය දැක්වීමට කැපවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජීයේවා මහත්මිය යළි අවධාරණය කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් සහ ශ්‍රී ලංකාවේ නියෝජිතයින් අතර වොෂීන්ටනයේදී පැවති හමුවකදියි ඇය මේ බව සදහන් කර ඇත්තේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ඇතුළු එහි නියෝජිතයන් පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වුණා.

මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සහ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් අබේසේකර මහතා ඇතුළු පිරිසක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේ සදහා සහභාගි වී තිබෙනවා.

WhatsApp Group

Skip to content