2023 ICC ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ තුන්වැනි තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6 දැවී ලකුණු 355ක් ලබාගැනීමට සමත් වූවා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදුන්නා.

ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පිටියට පිවිසි පළමු පිතිකරුවන් සිව්දෙනාම ලකුණු 50 සීමාව ඉක්මවා යාමට සමත් වූවා.

කුසල් මෙන්ඩිස් පන්දු 63කදී ලකුණු 78ක්ද සධීර සමරවික්‍රම පන්දු 64කදී ලකුණු 73ක්ද ලබාගැනීමට සමත් වූවා.

ආරම්භක පිතිකරුවන් යුගලය වූ පැතුම් නිශ්ශංක ලකුණු 57ක්ද දිමුත් කරුණාරත්න ලකුණු 52ක්ද ලබාගැනීමට සමත් වූවා.

නොදැවී පන්දුවට පහර දුන් චරිත් අසලකං ලකුණු 48ක් වනිඳු හසරංග ලකුණු 23ක් ද ලබාගැනීමට සමත් වූවා.

ධනංජය ද සිල්වා ලකුණු 5කටත් නායක දසුන් ශානක එක් ලකුණකටත් දැවී ගියා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම අතිරේක ලකුණු 18ක්ද සමගින් කඩුලු හයකට ලකුණු 355ක් ලබාගැනීමට සමත් වූවා.

තරගය ජය ගැනීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළදී ලකුණු 356ක් ලබාගත යුතු වනවා.

තරගය සිම්බාබ්වේ බුලවායෝ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

WhatsApp Group

Skip to content