ගෝලීය ආර්ථිකය තුළ වැදගත් භූමිකාවක් නිරූපණය කරන ජි 20 කණ්ඩායමේ මුදල් අමාත්‍යවරුන්ගේ සහ මහ බැංකු අධිපතිවරුන්ගේ සමුළුව අද ආරම්භ වනවා.

ජි 20 කණ්ඩායමේ සභාපතීත්වය වර්තමානයේ ඉන්දියාවට හිමිවී ඇති අතර එහි සමුළුව එළඹෙන 25 වනදා දක්වා බැංගලෝර් හිදී පැවැත්වීමට සැලසුම් කර තිබේනවා.

ශ්‍රී ලංකාව ඇතුළු ණය අර්බුදයට ලක්වු රටවලට සහනයක් ලබාදීම පිළිබඳ මෙම සමුළුවේදී සලකාබැලීමට නියමිතයි .

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළ පරිදි මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණයට බාධාවක්වී පවතින කරුණු පිළිබඳ මෙම රැස්වීමේදී සලකාබැලෙන අතර චීනය ඇතුළු මෙරට ණයහිමි රටවල් ද රැස්වීමට එක්වෙනු ඇති .

WhatsApp Group

Skip to content