ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලය සංවිධානය කරන මධ්‍යම ආසියානු වයස අවුරුදු 20න් පහළ යොවුන් වොලිබෝල් ශූරතාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් වොලිබෝල් ක්‍රීඩකයන් සමත් වී තිබෙනවා .

පෙර දින පැවැති ආරම්භක තරගයේදී නේපාලය හමුවේ තරග වට 3 ට 0 ක පරාජයක් ලැබූ ශ්‍රී ලංකාව ඊයේ තරගයේ දී මාලදිවයින් කණ්ඩායමට එරෙහිව තරගවට 3 ට 0 ක් ලෙස තරගය ජයගනු ලැබුවා.

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර තරගය පැවැත්වුණේ දවසේ 3 වැනි තරගය ලෙසයි.

මාලදිවයින මෙම තරගාවලියේ ලැබූ 2 වැනි පරාජය වන්නේ මෙයයි.

ඔවුන් පෙර දිනයේ ටර්කිමස්තානය වෙතින් ද පරාජයට පත් වූවා.

WhatsApp Group

Skip to content