යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදි රිදි පදක්කම් සහ ලෝකඩ පදක්කම් හිමි කර ගැනීමට ශ්‍රී ලංකාවේ අයෝමාල් අකලංක සහ නිලුපුල් පැහැසර යන ක්‍රීඩකයින් සමත්ව තිබෙනවා.

ඒ පිරිමි මීටර 400 කඩුලු මතින් දිවිමේ ඉසව්වෙන් සහ උස පැනීමේ ඉසව්වෙන්.

ටි්‍රනිඩෑඩ් ඇන්ඩ් ටොබැගෝ හි පැවැත්වෙන යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර 400 කඩුලු මතින් දිවිමේ ඉසව්වේ අවසන් මහ තරගයට අඹගමුව මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන 17 හැවිරිදි වියේ පසුවන අයෝමාල් අකලංක අද අලුයම සහභාගි වුණා.

එහිදි අයෝමාල් පිරිමි මීටර 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වෙන් රිදී පදක්කම හිමි කර ගනු ලැබුවා.

මීටර 400 කඩුලු මතින් දිවිමේ ඉසව්වේ රන් පදක්කම ජැමෙයිකාව හිමිකර ගත් අතර ලෝකඩ පදක්කම එංගලන්තය විසින් හිමිකර ගනු ලැබුවා.

මේ අතර යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි උස පැනීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් හිමිකර ගැනීමට නිලුපුල් පැහැසර සමත්ව තිබෙනවා.

එම ඉසව්ව නියෝජනය කළ ලෙසදු අර්ථවිදු සිව් වන ස්ථානය හිමිකර ගැනීමටයි සමත්ව ඇත්තේ.

උස පැනිමේ ඉසව්වේ රන්පදක්කම එංගලන්තය හිමිකර ගත් අතර රිදී පදක්කම හිමි කර ගත්තේ ටි්‍රනිඩෑඩ් ඇන්ඩ් ටොබැගෝ ප්‍රදේශයේ ක්‍රීඩකයෙක් විසිනුයි.

WhatsApp Group

Skip to content