ආර්ථික අර්බුදයට විසදුමක් ලෙස ශ්‍රී ලංකාව මේ වන විට ක්‍රියාත්මක කර ඇති වැඩසටහන ප්‍රසංශනීය බව නේපාලය, මාලදිවයින හා ශ්‍රී ලංකාව සදහා වන ලෝක බැංකුවේ අධ්‍යක්ෂ ෆාරිස් හැඩඩ් ප්‍රකාශ කර තිබෙනවා.

කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු කියා සිටියේ ජනතාව දැනුවත් කරමින් මෙම ක්‍රියාවලිය වෙනසකට ලක් නොකර පවත්වාගෙන යන බවට තමන් විශ්වාස කරන බවයි.

බලාපොරොත්තු නොවූ අර්බුදයකට ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙමින් සිටීම හේතුවෙන් අපහසු තීන්දු තීරණවලට එළඹීමට සිදු වන බව ද ලෝක බැංකුවේ අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කර සිටියා.

මෙම කාලය දේශපාලනය කිරීමේ කාලයක් නොව නිවැරදි ලෙස කළමනාකරණය කර ගනිමින් කටයුතු කළ යුතු කාලයක් ලෙසටයි ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ.

 

WhatsApp Group

Skip to content