මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ පළමු තරගයෙන්ම දැවැන්ත ජයක් වාර්තා කිරීමට සමත් වුණා .
ඒ එක්සත් අරාබි එමීර් කණ්ඩායම ලකුණු 175 කින් පරාජයට පත් කරමින් .

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ එක්සත් අරාබි එමීර් කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා .
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලබා ගත් ලකුණු සංඛාව 355ක් .

එහිදී කුසල් මෙන්ඩිස් ලකුණු 78 ක් ,සධිර සමරවික්‍රම ලකුණු 73 ක් සහ පැතුම් නිශ්ශංක ලකුණු 57 ක් බැගින් ලබා ගැනීමටයි සමත් වුනේ .

ලකුණු 356ක ඉලක්කය හඹා ගිය එක්සත් අරාබි එමීර් කණ්ඩායමට පන්දුවාර 39ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 180ක් පමනයි .
එහිදී නායක මුහම්මද් වසීම් ලකුණු 39 ක් ලබා ගැනීමට සමත් වුණා .
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග මෙහිදී ලකුණු 33කට දවා ගත කඩුලු සංඛාව 6ක් .
මෙම තරගයේ වීරයා වශයෙන්ද වනිඳු හසරංගව නම් කරනු ලැබුවා .

මේ අතර මෙම සුදුසු කම් ලැබීමේ තරගාවලියේ සිව් වන තරගයෙන් කඩුළු 5 ක ජයක් වාර්තා කිරීමට ඕමාන කණ්ඩායම සමත් වුණා .
ඒ අයර්ලන්ත කණ්ඩායම පාරජයට පත් කරමින් .

මෙම තරගයේ කාසියේ වාසිය දිනු ඕමානය පළමුව පන්දු රැකිමටයි තීරණය කලේ .
ඒ අනුව පිටියට පිවිසුණු අයර්ලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 281 ක් ලබා ගත්තා .

කෙසේ වෙතත් පන්දුවාර 48 යි එක් පන්දුවක් අවසානයේදී කදුළු 5 ක් පමණක් දැවී තරගයේ ජය වාර්තා කිරීමට ඕමාන ක්‍රීඩකයින්ට හැකියාව ලැබුණා .
මෙම ජයග්‍රහණය ඕමාන කණ්ඩායම විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජික රටකට එරෙහිව ලැබූ පළමු එක්දින තරග ජය ලෙසයි ඉතිහාසගත වුණේ.

WhatsApp Group

Skip to content