ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම යටතේ තුන්වන ණය වාරිකය ශ්‍රී ලංකාවට ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ වී තිබෙනවා.
ඒ අනුව ඇමරිකානු ඩොලර් මිලියන 330ක පමණ තුන්වන වාරිකය ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී තිබෙනවා.
ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා 2023 වසරේ මාර්තු මාසයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව වෙනුවෙන් මාස 48ක් පුරා ක්‍රියාත්මක වන ඩොලර් බිලියන 3ක ණය පහසුකමක් අනුමත කරනු ලැබුවා.
මේ සම්බන්ධයෙන් සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සඳහන් කර ඇත්තේ මෙම ජයග්‍රහණය ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙනයාමට සහ සියලු ශ්‍රී ලාංකිකයන්ට සෞභාග්‍යමත් අනාගතයක් සුරක්ෂිත කිරීමට රජයේ කැපවීම පෙන්නුම් කරන බවයි.

WhatsApp Group

Skip to content