සංචාරක ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති පළමු ටෙස්ට් තරගයේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. ඒ දින හතරක් පුරා පැවති පළමු තරගයෙන් බංග්ලදේශය ලකුණු 328කින් පරාජයට පත් කරමින්.

පළමු තරගයේ දෙවෙනි ඉනිම සඳහා ලකුණු 511ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 49යි පන්දු 02ක් අවසානයේ සියල්ලන් දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 182ක් පමණයි.

ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 280ක් ලබා ගත් අතර, ඊට පිළිතුරු ලෙස බංග්ලාදේශයට පළමු ඉනිමට රැස්කර ගැනීමට හැකිවුණේ ලකුණු 188ක් පමණයි.

අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම දෙවෙනි ඉනිම සඳහා ලකුණු 418ක් රැස් කරනු ලැබුවා.

WhatsApp Group

Skip to content