දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියෙන් ශ්‍රී ලංකාව තවත් රන් පදක්කම් 03 ක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

පිරිමි මීටර 100 හතර සහාය දිවීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට මෙරෝන් විජේසිංහ ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවුණා.

ඒ තත්පර 40. 28කින් එම ඉසව්ව නිම කරමින්.

එමෙන්ම පිරිමි මීටර හාරසිය හතර සහාය දිවීමේ ඉසව්වේ රන් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

මේ අතර මෙම තරගාවලියේ තුන් පිම්ම ඉසව්වෙන් ද රන් සහ රිදී පදක්කම් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබෙනවා.

එම තරගයේදී හසිත දිසානායක රන් පදක්කමක් දිනා ගත් අතර එහි රිදී පදක්කම සෙනුර හසන්ක දිනා ගනු ලැබුවා.

WhatsApp Group

Skip to content