සංචාරක ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 10ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකාව අද සමත් වූවා.

තරගය කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.

එහිදී ලකුණු 56ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කිසිදු කඩුල්ලක් නොදැවී පන්දුවාර 7.2කදී සිය ජයග්‍රාහී ඉලක්කය සපුරා ගැනීමට හැකියාව ලැබුවා.

දිමුත් කරුණාරත්න සහ නිශාන් මධුෂ්ක නොදැවී පන්දුවට පහර දෙමින් පිළිවෙළින් ලකුණු 32ක් සහ 22ක් ලබාගැනීමට සමත් වූවා.

තරගයේ තෙවැනි දිනය වූ ඊයේ දිනයේදී ප්‍රබල ස්ථානයක පසු වූ ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු හයක් ලකුණු 52කට දවා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද පෙරවරුවේ සමත් වුණා.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 198ක්ද දෙවන ඉනිම සඳහා ලකුණු 296ක්ද ලබාගැනීමට සමත් වූවා.

ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 439ක්ද දෙවන ඉනිම සඳහා ලකුණු 56ක්ද ලබාගත්තා.

තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිමේදී ශත දෙකක් සහ එක් අර්ධ ශතකයක් ලබාගැනීමට සමත් වූවා.

ඒ අනුව ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 141ක්ද දිනේෂ් චන්දිමාල් ලකුණු 107ක්ද ලබාගත්තා.

දිමුත් කරුණාරත්න ලකුණු 77ක් ලබාගත්තා.

මේ අතර ඇෆ්ගනිස්ථානු දෙවන ඉනිම වෙනුවෙන් ශතකයක් රැස් කිරීමට ඊබ්‍රහිම් සඩ්රන් සමත් වූවා.

ඔහු ලබාගත් ලකුණු සංඛ්‍යාව 114ක්.

එසේම රහ්මට් ෂාහ් ලකුණු 54ක් ලබාගැනීමට සමත් වූවා.

තරගයේ වීරයා ලෙසින් ප්‍රභාත් ජයසූරිය පත් වූවා.

WhatsApp Group

Skip to content