2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ දෙවැනි පුහුණු තරගයෙන් ද ඊයේ දිනයේදී ඇෆ්ඝනිස්තානය හමුවේ ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 6 කින් පරාජයට පත් වුණා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 46යි පන්දු 2ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 294ක්.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ නායක කුසල් මෙන්ඩිස් පන්දු 87 කින් වේගවත් ලකුණු 158 ක් රැස් කළා.

අනතුරුව ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ක්‍රීඩා කිරීමට පැමිණි පසු තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

ඒ අනුව ඔවුන්ට ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 42 ක් තුළ තරගය ජය ගැනීමට හිමි වූ ඉලක්කය ලකුණු 257ක්.

ඇෆ්ඝනිස්තාන කණ්ඩායම පන්දුවාර 38යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 4ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

රහ්මනුල්ලාහ් ගුර්බාස් ලකුණු 119ක් හා රහ්මට් ශාහ් ලකුණු 93 ක් රැස් කර සිටියදී ඔවුන් දෙදෙනාම පිටියෙන් ඉවත්ව ගියේ සිය කණ්ඩායමට අනර්ඝ ජයක් සදහා මග පාදා දෙමින්.

දසුන් ශානක ආබාධයකින් පසු වීම හේතුවෙන් මෙම තරගය සදහා ක්‍රීඩා කළේ නැහැ.

WhatsApp Group

Skip to content