ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරග දෙකකින් සමන්විත ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් යුත් පකිස්ථානු ක්‍රිකට් සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

තරගාවලිය ලබන මාසයේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතයි.

වසරකට අධික කාලයක් ක්‍රීඩා පිටියෙන් ඉවත්ව සිටි පකිස්ථානු ක්‍රිකට් කණ්ඩායමේ ෂහීන් අෆ්රීඩි යළි සංචිතයට කැඳවා තිබෙනවා.

පසුගිය වසරේ ජුලි මාසයේදී ශ්‍රී ලංකා කන්ඩායම සහග ගාල්ලේ පැවැති තරගයක් අතරතුරදී ෂහීන් අෆ්රීඩි ආබාධයකට ලක්වූවා.

ඉන් අනතුරුව ඔහු පකිස්ථානු සංචිතයට කැඳවූ පළමු අවස්ථාව මෙය වනවා.

එසේම නවක ක්‍රිඩකයින් වන මොහොමඩ් හරෙයිරා සහ ආමර් ජමාල් ද සංචිතයට කැඳවා තිබෙනවා.

බාබර් අසාම්ගේ නායකත්වයෙන් යුතුව මෙම සංචිතය නම් කර ඇති අතර ඊට මොහොමඩ් රිස්වාන්, අබ්දුල්ලා සාෆික්, ඉමාම් උල් හක්, හසන් අලි සහ නසීම් ෂා වැනි ක්‍රීඩකයින් ඇතුළුත් වනවා.

එසේම අබ්රර් අහ්මෙඩ්, නොමන් අලි, අස්ලමින් අඝා, සර්ෆාර්ස් අහ්මඩ් සවුඩ් සකීල්, සහීන් අෆ්රිඩ් සහ සාන් මසූඩ් ඇතුළත් වනවා.

තරගාවලියට සහභාගිවීමට පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ජුලි මස දෙවන සතියේ දිවයිනට පැමිණීමට නියමිතයි.

පකිස්ථානු ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර අවසන්වරට ටෙස්ට් තරගයක් පවත්වා ඇත්තේ 2022 වසරේ ජුලි මාසයේදී වන අතර එය තරග 1ට 1ක් ලෙසින් අවසන්ව තිබෙනවා.

 

WhatsApp Group

Skip to content