ශ්‍රී ලංකාවට පැමිණීමේ අරමුණ කුමක් ද යන්න නිසි පරිදි , පැහැදිලිව කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් හමුවේ අනාවරණය කිරීමට අපොහොසත් වූ සැක කටයුතු විදේශිකයන් දෙදෙනෙකු , ඔවුන් පැමිණි ගුවන් යානයෙන්ම ආපසු පිටුවහල් කිරීමට එම නිලධාරීන් විසින් 10/19 දින රාත්‍රී  පියවර ගෙන තිබේ .
මෙම සැක කටයුතු විදේශිකයන් දෙදෙනා පෙනුමෙන් චීන ජාතිකයන්ගේ හැඩහුරුකමින් යුතු වූ අතර ඔවුන් සන්තකයෙහි වූ චීන ජාතික ගමන් බලපත්‍ර තුළ ඔවුන් උපන් ස්ථානය ලෙස චීනයේ ගමක නමක් සදහන් වී ඇති අතර , මීට අමතරව  කාම්බෝජ සහ තුර්කි ජාතික , සත්‍ය ගමන් බලපත්‍ර ද ( Genuine Passport ) ඔවුන් සතුව  තිබී ඇත .
චීන රජයේ නීතිය අනුව එරට වැසියන්ට ද්විත්ව පුරවැසිභාවයන් තබා ගත නොහැකි වන අතර , එසේ වෙනත් රටක පුරවැසිභාවය ලබා ගත හොත් චීන රජයේ පුරවැසිභාවය අහෝසි වනු ඇත .
36 හැවිරිදි සහ 37 හැවිරිදි මොවුන්  දෙදෙනා 10/19 දින රාත්‍රී 09.35 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ , මුදල් ගෙවා පහසුකම් සළසා ගන්නා සේද මාවත

WhatsApp Group

Skip to content