අසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වූවා.

ඒ් මෙවර තරගාවලියේදී අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 50කට දවා ගනිමින් කඩුලු 10ක විශ්ෂ්ඨ ජයග්‍රහණයක් ලබාගනිමින්.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදුන් අතර එහිදී සියලුම දෙනා ලකුණු 50කට දවා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වූවා.

එහිදී ශ්‍රී ලංකා පිතිකරණ බලඇණිය සුණුවිසුණු කිරීමට ඉන්දීය පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් සිරාජ් සමත් වූයේ පන්දුවාර හතකදී නිලකුණු පන්දුවාරයක් සමගින් ලකුණු 21කට කඩුලු  6ක් දවා ගනිමිනි.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී කුසල් මෙන්ඩිස් 17ක් ලබාගැනීමට සමත් වූ අතර නොදැවී පන්දුවට පහර දුන් දුෂාන් හේමන්ත ලකුණු 13ක් ලබාගැනීමට සමත් වූවා.

සෙසු කිසිදු ක්‍රීඩකයෙකු ලකුණු 10 සීමාව දක්වා පැමිණීමටවත් නොහැකි වුණා.

පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් සිරාජ් කඩුලු හයක්ද හර්දික් පාන්ඩයා කඩුලු තුනක්ද ජස්ප්‍රිට් බුම්රා එක් කඩුල්ලක්ද දවා ගැනීමට සමත් වූවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 6.1ක් අවසානයේ සිය ජය වාර්තා කර ගැනීමට සමත් වූයේ කිසිදු ක්‍රීඩකයෙකු නොදැවී.

ඉසාන් කිසන් නොදැවී ලකුණු 23ක්ද සුබ්මන් ගිල් නොදැවී ලකුණු 27ක්ද ලබාගැනීමට සමත් වූවා.

ඉන්දීය කණ්ඩායම මෙවර ආසියානු කුසලාන ජයග්‍රහණය කරනු ලැබුවේ අට වන වරටයි.

තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.

 

 

WhatsApp Group

Skip to content