ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගකරණය සඳහා සමාගම් 3ක් ඉදිරිපත් සිටින බව වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.

අමත්‍යවරයා සඳහන් කරන්නේ ඉන් සමාගම් දෙකක් විදෙස් සමාගම් වන අතර අනෙක් සමාගම දේශීය සමාගමක් වන බවයි.
එම සමාගම් ත්‍රිත්වය අතරින් එක් සමාගමක් තෝරා ගෙන ශ්‍රීලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගතකරණයට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

අමත්‍යවරයා කියා සිටියේ ඉදිරිපත්ව ඇති සමාගම්වල තත්ත්වය අධ්‍යනය කර සුදුසු සමාගමක් තෝරාගැනීම මේ වනවිට ටෙන්ඩර් මණ්ඩලය මගින් ක්‍රියාත්මක බවයි.

 

WhatsApp Group

Skip to content