එළඹෙන දෙසැම්බර් මස 26 වනදාට යෙදෙන උඳුවප් පුර පසලොස්වක පොහෝ දිනයෙන් ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වන බව ශ්‍රී පාද ස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යායේ කුලපති සබරගමු දිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව නිල වශයෙන් නිවේදනය කළේ නල්ලතන්නිය ග්‍රාම නිලධාරී කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි.

එහිදී ශ්‍රී පාද වන්දනාව සඳහා පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සැපයීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.

එම සාකච්ඡාවට එක් වූ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා විසින් ජනතාවගෙන් ඉල්ලා සිටියේ ශ්‍රී පාද වන්දනාවට පැමිණීමේදී එක්වරක් පමණක් භාවිතයට ගන්නා භාණ්ඩ රැගෙන ඒමෙන් වළකින ලෙසයි

WhatsApp Group

Skip to content