අදට යෙදී තිබෙන උඳුවප් පොහොයත් සමග මෙවර ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වනවා.

මෙවර ශ්‍රී පාද වන්දනා සමයේදී  අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සහ රෙගුලාසි ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කර තිබෙනවා.

සිරිපා මලුව සහ විශ්‍රාම ශාලා ප්‍රදේශවල මෙන්ම ගමන් මාර්ගයේද සංචාරක වෙළඳාම තහනම් බවයි එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

ඒ අනුව අවසර ලද ස්ථානවල හැර අනෙක් ස්ථානවල පූජා භාණ්ඩ, පූජා වට්ටි, ආහාර ද්‍රව්‍ය අලෙවි නොකළ යුතු වන අතර මත්පැන්, දුම්වැටි හෝ වෙනත් කිසිවක් රැගෙන යාම මෙන්ම වෙළඳසැල්වල තබාගැනීම තහනම් වනු ඇති.

මේ අතර වන්දනාකරුවන්ට ශ්‍රීපාද මලුව තුළ නවාතැන් ගැනීමටද අවස්ථාව නොලැබෙන අතර වන්දනා කටයුතු අවසන් වූ පසු නික්ම යා යුතු වනවා. ශ්‍රී පාද මලුව, අම්බලම් සහ විශ්‍රාම ශාලාවල සිඟමන් ලබාගැනීම මෙන්ම සිඟමන් ලබාදීමද නොකළ යුතු වනවා.

WhatsApp Group

Skip to content